අලුත් වැඩක්, අලුත් විදිහකට පටන් ගත්තා. මේ පොඩියට තියන්නෙ ඒකෙ පලවෙනි පියවර. අද ඉඳන් ඉස්සරහට සතිපතා මේ Unbreakable Machine-Doll කියන Anime එකේ Sinhala Subtitles දෙන්න තමයි මම හිතාගෙන ඉන්නෙ. මේ දවස්වල තියෙන වැඩත් එක්ක Anime දෙක තුනකට Subtitles හදන එක අමාරු නිසයි මේ විදිහට එක Anime එකක් තෝරගෙන පොඩියට වැඩේ පටන් ගත්තෙ. මොනවවුනත් ඉස්සරහට විවේකයක් ලැබුනු හැම මොහොතකම වගේ Subtitles වැඩේ දිගටම කරගෙන යන්න තමයි හිතන් ඉන්නෙ. ඉතින් මේ විදිහට පටන් ගත්තු මේ වැඩේට ඔය හැමෝගෙම සහයෝගය ලැබෙයි කියලත් බලාපොරොත්තු වෙනවා. අදහස්, යෝජනා, චෝදනා, ගල් මුල් හැම දෙයක්ම කියන්න. මොකද වැරදි පෙන්නල දෙන්න කෙනෙක් නැත්තම් වැරදි හදාගන්න විදිහකුත් නෑනේ. එහෙනම් මේ ඇති වගේ. :) Subtitle එක බාගෙනම බලන්නකෝ. පහළ තියෙන්නෙ පලවෙනි කතාවේ Screenshots ටිකක්. බාන්න කිලින්, ඒ ටිකත් බලලම ඉන්න.